Thursday, January 22, 2015

පස්වැනි එක්දින තරඟයෙන් නවසීලන්තයට විශිෂ්ට ජයක්




ශ්‍රී ලංකාව සමග පැවැති පස්වැනි එක්දින තරගය ලකුණු 108කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනාගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයකට අනුව ඩානීඩන් හි යුනිවර්සිටි ඕවල් පිටියට පැමිණි නවසීලන්ත පිතිකරුවන් වේගවත් පිතිහරඹයක නිරතවෙමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 360ක් රැස්කර ගැනීමට සමත්වුණා.

 පන්දුවට පහරදීමේදි නවසීලන්තය වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ රොන්චි පන්දු  122කදි හයේ පහර 9ක් සහ හතරේ පහර 14ක් සමග ලකුණු 170ක් රැස්කරගත්තා. මීට අමතරව ග්‍රෑන්ට් එලියට් ලකුණු 104ක් ලබාගත්තා.

 පන්දු යැවීමේදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවන් කුලසේකර සහ ලහිරු තිරිමාන්න කඩුළු දෙක බැගින් දවාගැනීමට සමත්වුණා. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 4කට මුහුණදෙමින් සියලු දෙනා දැවී  රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 252ක් පමණයි. එහිදී තිලකරත්න දිල්ශාන් සිය එක්දින ක්‍රිකට් දිවියේ 20වැනි ශතකය වාර්තා කිරීමට සමත්වුණා.        

No comments:

Post a Comment