Monday, January 19, 2015

සිව් වන එක්දින තරගයෙන් නවසීලන්තයට කඩුලු 4ක පහසු ජයක්



ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති සිව් වන එක්දින තරගයෙන් නවසීලන්තයට කඩුලු 4ක පහසු ජයක් හිමි විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49 යි පන්දු 3කදී සියලු කඩුලු දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 276කි.

එහිදී මහේල ජයවර්ධන – 94  කුමාර් සංගක්කාර – 76  තිලකරත්න ඩිල්ෂාන් – 44
සාර්ථක වුවද පසු පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය මත ශ්‍රී ලංකා ඉනිම 276කට සීමා විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් වන නායක බ්‍රෙන්ඩන් මැකලම්, මාර්ටින් ගප්ටිල් සහ රොස් ටේලර් කණ්ඩායමේ ලකුණු 63කදී දැවී ගියහ.

කෙසේ වෙතත්, කේන් විලියම්සන් පන්දු 107කදී ලකුණු 103ක් රැස් කරමින් නවසීලන්තය ජයග්‍රහණයේ මාවතට හැරවීය.නවසීලන්තය – 280/6 කේන් විලියම්සන් – 103 කොරී ඇනඩර්සන් – 47 ග්‍රාන්ට් එලියට් – 44

කේන් විලියම්සන් සහ කොරී ඇන්ඩර්සන් දැවී යාමෙන් පසුව මද පසුබෑමකට ලක්ව සිටි නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියේ, ලූක් රොන්කි ය.

ඔහු පන්දු 15කදී ලකුණු 32ක් රැස් කළේ, තිසර පෙරේරා යැවූ 48 වන පන්දු වාරයේදී ලකුණු 24ක් රැස් කරමිනි.

ඒ අනුව, පන්දු වාර 48 යි එක් පන්දුවකදී කඩුලු 6කට ලකුණු 280ක් රැස් කළ නවසීලන්තයට තරගයේ ජය හිමි විය.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කේන් විලියම්සන් නම් කෙරිණි.

ඒ අනුව, තරගාවලයේ මෙතෙක් පැවති තරග 4න් 2 – 1ක් ලෙස නවසීලන්තය පෙරමුණේ පසුවේ.

No comments:

Post a Comment