Monday, January 19, 2015

සංගා සහ මහේලගෙන් ඩිවිලියර්ස්ට සුභ පැතුම්









එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය සහ වේගවත්ම ශතකය වාර්තා කරමින් නව ලෝක වාර්තා දෙකක් පිහිට වූ දකුණු අපි‍්‍රකාවේ එ.බී. ඩිවිලියර්ස්ට ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර  සිය සුභාශිංෂන පළ කර ඇත.

විශේෂ ට්විටර් සටහන් තබමින් ඔවුන් ප‍්‍රකාශ කරඇත්තේඑ.බී.අඩිවිලයර්ස්ගේ අදාළ ඉනිම නැවත නැවත නැරඹීමට තරම් ආකර්ශනීය බවයි.

එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයට හිමි ලෝක වාර්තාවට මීට පෙර හිමිකම් කීවේ ශී‍්‍ර ලංකාවේ සනත් ජයසූරියයි. පන්දු 17කදී අර්ධ ශතකයක් වාර්තා කරමින් ඔහු අදාළ වාර්තාව පිහිටුවා තිබුණා.

එ.බී.ඩිවිලියර්ස් එම වාර්තාව බිඳ හෙළුවේ 16කදී අර්ධ ශතකක් වාර්තා කරමින්. එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ වේගවත්ම ශතකයට හිමි වාර්තාව මීට පෙර නවසීලන්තයේ කුරේ ඇන්ඩර්සන් නමින් ලියැවී තිබුණා. ඔහු අදාළ වාර්තාව පිහිටුවා තිබුණේ පන්දු 36කදී ශතකයක් රැස් කරමින්. එ.බී. ඩිවිලියර්ස් පන්දු 31කින් ශතකයක් වාර්තා කරමින් එම වාර්තාව බිඳ හෙළුවා.

No comments:

Post a Comment